වහාම ක්‍රියාත්මක වන පරිදි දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයේ ප්‍රතිබිම්බාරාම පාර ඇලඉවුර කැවුම්වත්ත ප්‍රදේශය හුදෙකලා කිරීමට තිරණය කර තිබෙනවා.
එම ප්‍රදේශයේ පුද්ගලයින් 30 දෙනෙකු වෙනුවෙන් සිදුකල පීසීආර් පරීක්ෂණ වලදී පුද්ගලයින් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වීමත් සමග මෙම තීරණය ගත් බව දෙහිවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. බී. අජිත් සංජීව සඳහන් කරයි. කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරන් තිදෙනෙකු සිටි.
අදාළ ප්‍රදේශයේ පවුල් 26 කට අයත් පුද්ගලයින් 115 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත. මෙම පිරිසට වෛරසය ආසාදනය වූ ආකාරය සොයා මේ වනවිට පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවද දෙහිවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. බී. අජිත් සංජීව වැඩිදුරටත් සඳහන් කරයි.
