වැල්ලම්පිටිය ප්‍රදේශයේ නොවැම්බර් 25 වැනි දින නිවසේදී හදිසියේ මිය ගිය පුද්ගලයෙකුගේ දේහයක් ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර භූමදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙසෙහි පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු වේ. ඔහුගේ පවුලේ උදවිය විසින් එදින ම එම තැනැත්තාගේ මෘත ශරීරය මෙලෙස ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර දෙමටගොඩ සුසාන භුමියක භූමදානය කර ඇති බවට පොලිසියට ලැබී ඇති තොරතුරු මත විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
කොරෝනා වසංගතය තත්ත්වය හේතුවෙන් කිසිවෙකු නිවෙසේ හදිසියේ මිය යෑමකදී සෞඛ්‍ය අංශ සහ පොලිසිය දැනුවත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කරයි.
නිවසේ සිටි බිරියගේ හා දරුවාගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර නිරෝධනයට යොමු කර ඇති අතර තවම ඔවුන්ට හෝ මියගිය අයට කොරෝනා ආසාදිතවූයේද යන්න තහවුරු වී නොමැත.
මෙම පුද්ගලයාගේ දේහය භුමදානය කිරීමට අදාළ ආධාර අනුබල දුන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
