බුර්කාවකින් සැරසී දෙහිවල ප්‍රදේශයේ සැරිසැරූ පුද්ගලයකු දෙහිවල පොලිසිය විසින් ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගෙන පසුව ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
දෙහිවල, ගාලු පාරේ පිහිටි සුපිරි වෙළෙදසලක සිට පැමිණි බුර්කාවකින් සැරසුණු අයෙකුගේ නුහුරු ගමන් විලාසය ගැන සැක සිතුණු ප්‍රදේශවාසීන් එක්ව බුර්කාව ඇඳ සිටි පුද්ගලයා අල්ලා ප්‍රශ්න කිරීමේදී බුර්කාව හැඳ සිට ඇත්තේ කාන්තාවක නොව පිරිමි පුද්ගලයකු බව අනාවරණය කරගෙන ඒ පිළිබඳව දෙහිවල පොලිසිය දැනුවත් කර ඇත.
සැකකරු රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇප මත මුදා හැර ඇති අතර අංගොඩ මානසික රෝහලේ මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු මුණගැසී ඒ සම්බන්ධව වාර්තාවක් සමග නැවත ජූනි 10 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ නියෝග කර ඇත.
