බගවන්තලාවේ තෙරේසියා වත්තේ මොරා කොටසේ පදිංචි 28 හැවිරිදි එක් දරු කොවිඩ් – 19 ආසාදිතයෙකු ත්‍රී රෝද රථයකින් ප්‍රදේශයේ තැන් කිහිපයක සැරිසරමින් සිටියදී පොලිස් නිලධාරීන් සහ බගවන්තලාවේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ නිලධාරින් එක්ව ඔහුව හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට ඊයේ (26) දිනයේ දී පියවර ගෙන ඇත.
අදාළ ආසාදිතයා, කොළඹ හෙට්ටිවිදිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඉකුත් 18 වෙනි දින දීපාවලි උත්සවයෙන් පසු තම නිවසට පැමිණිමෙන් අනතුරුව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අසාදිතයා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුගිය 24 වෙනිදා දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ඇත.
පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ඊයේ (26) දින ලද විගස බගවන්තලාව පොලිසීයේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ඔහුගේ නිවස වෙත යන අවස්ථාවේ ඔහු තම ත්‍රිරෝද රථයේ රියදුරෙකුද නංවාගෙන නොර්වුඩ්, හැටන්, පුලියාවත්ත යන ප්‍රදේශයවල සංචාරය කරමින් සිටියදි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ පොලිස් නිලධාරින් විසින් අසාදිතයාට දුරකථන ඇමතුමක් ලබා දි ඔහු යලිත් තම නිවස වෙත ගෙන්වාගෙන ඇත.
ත්‍රිරෝද රථයේ රියදුර සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර , අසාදිතයා සැරි සැරු ස්ථාන කිහිපයක ආශ්‍රිතයන් සොයා ගැනිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ පොලිසිය කටයුතු කරමින් සිටියි.
