Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බ්‍රෑන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 18,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (26) පස්වරු 10.30 වන විට 22,028ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (26) දිනයේ දී තවත් ආසාදිතයින් 211 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ් අනුව, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 559 ක් වේ.

එම ආසාදිතයින් අතරින් ආසාදිතයින් 559 දෙනාගෙන් ආසාදිතයින් 553 දෙනෙකු ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 18,491 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනෙක් ආසාදිතයින්ගෙන් එක් අයෙක් තුර්කියේ සිට ද, එක් අයෙක් ඉන්දියාවේ සිට ද, එක් අයෙක් මාලදිවයිනේ සිට ද, එක් අයෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද පැමිණි පුද්ගලයින් වේ. අනෙක් පුද්ගලයා නාවිකයෙකි.

එමෙන්ම, අද (26) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 369 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 15,816 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

Giraya News Alerts

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6113 ක් වේ. මෙරට පුද්ගලයින් 99 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top