Advertise with Giraya
NEWS

තවත් මරණ 3ක්… කොරෝනා මරණ ගණන 99ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 99කි.

97 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ දී 2020 නොවැම්බර් 26 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ බැක්ටීරියා ආසාදනයක් සහ නිධන්ගත පෙනහලු රෝගයක් උත්සන්න වීමයි.

98 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටින අතුරතුර 2020 නොවැම්බර් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, නියුමෝනියා තත්ත්වය සහ කොවිඩ් – 19 වෛරසය ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධයකි.

Giraya News Alerts

99 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ දී 2020 නොවැම්බර් 23 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ ආඝාතයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top