Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කල්මුණේ සියළුම පාසල් වසා දමයි

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් පුද්ගලයින් 21 දෙනෙකු හට කෝවිඩ්- 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට (27) සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් තීරණය කර තිබෙනවා.

මෙම තත්වය මත සිදු කරන අහඹු PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන ලෙස ආණ්ඩුකාරවරිය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා. ඊට අමතරව අක්කරෙයිපත්තු, සයින්දමරුදු සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ජීවත් වන වැසියන් මෙම අවදානම් තත්ත්වය සලකා සෞඛ්‍ය උපදෙස් මත සංචාරණ කටයුතු නතර කර සිය නිවෙස් වලටම වී සිටින ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපැද මෙම වෛරසය පාලනය කිරීම සදහා හැකි උපරිම සහයෝගයක් ලබා දෙන ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top