Advertise with Giraya
NEWS

හලාවත ග්‍රාම සේවා වසම් 04ක් හුදකලා කරයි

හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04ක් අද (26) දහවල් සිට හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාමසේවා වසම්වල එළෙස සංචරණ සීමා පනවා ඇත.

පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා, වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු පැවසුවේ පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම එම ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වීම සැලකිල්ලට ගෙන මෙම ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කළ බවයි.

නොවැම්බර් 12 වැනිදා සිට ඊයේ (25) දිනය දක්වා හලාවත වැල්ල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 29 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරය ධීවර රැකියාවේ නිරත වන පිරිස ය.

Giraya News Alerts

වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ ඉතා කුඩා ප්‍රදේශයක විශාල ජනතාවක් සිටීම කොවිඩ් -19 වෛරසය වේගයෙන් පැතිරයෑමට ප්‍රධාන හේතුවක් බවයි. හලාවත වැල්ල ප්‍රදේශයේ පවුල් 980කට අයත් පුද්ගලයින් 6,700ක් ජීවත්වෙන බවද ඇය පැවසුවාය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top