Advertise with Giraya
Giraya NewsGiraya News
SPORTS

නවසීලන්තයේ තරඟ සංචාරයකට ගිය පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 06 දෙනෙකුට කොරෝනා

නවසීලන්තයේ තරඟ සංචාරයක් සඳහා සහභාගී වීම සඳහා ගිය පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 05 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් රටින් පිටත්වීමට පෙර ලාහෝර් නුවරදී ඔවුන් කොරෝනා පරීක්ෂණවලට ලක් කර තිබූ අතර නවසීලන්තයට පැමිණිමෙන් පසු ක්‍රයිස්චර්ච් නුවරදී ද නැවතත් පරීක්ෂා කර තිබෙනවා. එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට පකිස්ථානයේදී කොවිඞ් වෛරසය ආසාදනය වී ඇති බවයි.

එමෙන්ම දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය නිර්දේශ ඔවුන් විසින් කඩකර ඇති බවද සී සී ටී වී දර්ශන අනුව හෙළිවී ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් ප්‍රකාශ කර ඇත.

Giraya News Alerts

මේ අනුව, තරඟ සංචාරයට පැමිණි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සියළු සාමාජිකයන් යළිත් කොවිඞ් පරීක්ෂණවලට යොමු කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පන්දුවාර 20 තරඟ 03 කට සහ ටෙස්ට් තරග 02 කට සහභාගීවීම සඳහා පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට පැමිණ ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top