Advertise with Giraya
NEWS

පැන යන්න හැදූ කොවිඩ් ආසාදිතයාට පහරදුන් හෙද නිලධාරියා පොලීසියට

පොළොන්නරුව වැලිකන්ද විශේෂිත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකු පැන යාමට උත්සාහ කිරීමේ දී ඔහුට පහර දීමක් සිදු කළා යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන හෙද නිලධාරියෙකු ඊයේ(25) දිනයේ දී වැලිකන්ද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස පැන යාමට උත්සාහ දරා තිබුනේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. ඉකුත් 24 වැනි දින එම තරුණයා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන යාමට උත්සාහ දරද්දී හෙද නිලධාරියා සහ ආසාදිතයා අතර සිදු වූ පොර බැදීමක දි හෙද නිලධාරියා විසින් ඔහුට පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව මෙම හෙද නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් වූ හෙද නිලධාරියා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ සිදුවීම පසුගිය 24 වැනි දින රාත්‍රී 11.00ට පමණ සිදු වී ඇති අතර වැලිකන්ද පොලීසිය මගින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top