Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 96 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරායා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ දෙකක් තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 96කි.

95 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ දි 2020 නොවැම්බර් 23 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමඟ ඇති වූ අධික රුධිර පීඩනයයි.

96 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි. ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු පිඹුර මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ දී 2020 නොවැම්බර් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ උග්‍ර වූ අක්මා රෝගී තත්ත්වයකි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top