Advertise with Giraya
NEWS

අද නව ආසාදිතයින් 502ක්… සමස්ත ආසාදිතයින් ගණන 21,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (25) පස්වරු 09.50 වන විට 21,469ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (25) දිනයේ දී තවත් ආසාදිතයින් 208 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ් අනුව, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 502 ක් වේ.

එම ආසාදිතයින් අතරින් ආසාදිතයින් 502 දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 17,938 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අද (25) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 485 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 15,447 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

Giraya News Alerts

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5928 ක් වේ. මෙරට පුද්ගලයින් 94 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top