වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ආරධනය පරිදි අද (25) දින වෙළඳ අමාත්‍යතුමාගේ පැවති සාකච්ඡාවක් සඳහා දේශිය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් සහභාගී වි තිබෙනවා.
ඒ අනුව, මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටි නිෂ්පාදකයන්ගෙන් අමාත්‍යවරයා සිදු කරන ලද විමසීමක දී එම නිෂ්පාදකයන් විසින් පවසා ඇත්තේ පසුගිය රජය විසින් පනවන ලද 30%ක සනීපාරක්ෂක තුවා සඳහා වන බදු ප්‍රමාණය මෙවර අයවැය මඟින් 15%කින් අඩු කරන ලද අතර ඉතිරි ප්‍රමාණය 15%ක සෙස් බද්දක් ලෙස පැවතීම තුළ ඔවුන් විසින් වෙළඳපොලට නිකුත් කරන සනීපාරක්ෂක තුවා වල පවත්නා මිල ගණන් ඒ ආකාරයෙන්ම ස්ථාවරව පවතින බවයි.
එමෙන්ම, 2018 වසරේදී පනවා තිබූ සනීපාරක්ෂක තුවා කිලෝග්‍රෑමයක් රු.300ක ආනයන බද්ද නැවත පනවන මෙන් නිෂ්පාදකයන් විසින් සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉල්ලුමට සරලන සැපයුම 100%ක්ම සිදු කිරිමට මෙම දේශීය නිෂ්පාදකයින්ට ඇති හැකියාව තුළ සනීපාරක්ෂක තුවා ආනයනය සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
ඒ අනුව, නිෂ්පාදකයන්ගේ ඒකමතික අදහස ලෙස මෙම සෙස් බද්ද හරහා කිසිසේත්ම නිෂ්පාදකයින්ගේ පවත්නා මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව සාකච්ඡාවේදී පැහැදිලි වී ඇත. මෙම අවස්ථාව සඳහා වෙළඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන, අතිරේක ලේකම් ගිල්මා දහනායක සහ දේශීය සනීපාරක්ෂක තුවා නිෂ්පාදකයින් හා සන්නාම කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇත.
සම්බන්ධිත පුවත්
- සනීපාරක්ෂක තුවා බදුවලින් නිදහස් කළ යුතුයි – නාමල් රාජපක්ෂ
- සනීපාරක්ෂක තුවා බද්ද ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගැටෙයි (වීඩියෝ)
