මේ වන විට හුදකලා කර ඇති බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරි වසම මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි.
එසේම, පහත දැක්වෙන ප්‍රදේශයන්හි දක්වා ඇති ග්‍රාම නිලධාරි වසම් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ලබයි.
- බණ්ඩාරගම් පොලිස් වසම
- අටලුගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
- එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම
- කොළමැදිරිය ග්‍රාම නිලධාරී වසම
- මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් වසමේ (අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ )
- බුලුගහතැන්න ග්‍රාම නිලධාරී වසම
- තෙළඹුගහවත්ත ග්‍රාම නිලධාරි වසම
