මහනුවර නගර කලාපයේ පිහිටි පාසල් 45ක් සතියක කාලයක් වසා දැමීමට පියවර ගත් බව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් ද එය තහවුරු කරනු ලැබුවා.
ඒ අනුව, දෙසැම්බර් 4 වැනි දින දක්වා මහනුවර නගරයේ පවතින සියලුම පාසල් වසා දමනු ඇති. මහනුවර නගර සභාවෙන් කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
