වැලිකන්ද කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළායාමට උත්සාහ කල 28 හැවිරිදි කොරෝනා ආසාදිතයෙකු නැවතත් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අදාළ ආසාදිතයා රාජාංගණය ප්‍රදේශයේ පදිංචි මත්කුඩු වලට ඇබ්බැහිවූවෙකු බවයි. කෙසේවෙතත් රෝහල් කාර්යය මණ්ඩලය හා ආරක්ෂක අංශ එක්ව පළාගිය රෝගියාව ඊයේ (24) රාත්‍රියේදීම සොයාගෙන ඇති බව පොලීසිය සදහන් කලා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කොවිඞ් ආසාදිතයින් මෙලෙස රෝහල් වලින් පලා යාමේ ප්‍රවනතාවක් ඇති බවයි.
