Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රිෂාඩ් බදියුදීන් ඇප මත නිදහස්

මහජන මුදල් අවභාවිතා කිරීම හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (25) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප දෙකක මත මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. එම ශරීර ඇපකරුවන් ලඟම ඥාතීන් විය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

බන්ධනාගාරය තුළ කොරෝනා වෛරසය පැතිරිම සුවිශේෂි කාරණයක් ලෙස සලකා බැලු මහෙස්ත්‍රාත් එලෙස ඇප ලැබ දෙමින් මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනමට ලක් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන ඕනෑම අවස්ථාවක එහි පෙනී සිටිමටද අධිකරණය නියෝග කළේය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top