Advertise with Giraya
NEWS

රාජ්‍ය නිලධාරිනියකට පහර දුන් ඉංජිනේරුවරයා අත්අඩංගුවට

පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ සේවිකාවකට පහර දුන් එම කාර්යාලයේ ඉංජිනේරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම පහරදීම සම්බන්ධයෙන් ඉංජිනේරුවරයාගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටින්නේ.

දුරකථන අංකයක් ලබාදීමට ප්‍රමාද වූ බව කියමින් මෙම සිදුවීම සිදුවූ බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල හුවමරුවිමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබුණා.

මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද සිය ෆේස්බුක් ගිණුම හරහා විශේෂ නිවේදනයක් තබමින් කියා සිටියේ මෙම ඉංජිනේරුවරයා තමාගේ ගෝලයෙක් බවට හුවා දැක්වීමට ඇතැම් පුද්ගලයින් කටයුතු කර ඇති බවත් එය තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

Giraya News Alerts

අමාත්‍යවරයා තබා තිබු ෆේස්බුක් සටහන පහතින්,

පලාත්බද මාර්ග සංවර්ධන අදිකාරියේ උඩුගම්පොල කාර්‍යාලයේ කලමණාකාර වරයා (ඉන්ජිනේරුවරයා) සේවිකාවකට පහර දීමේ සිද්ධිය මම මහත් පිලිකුලෙන් යුතුව හෙලා දකිමි. සිද්ධිය දැනගත් වහාම බස්නහිර පලාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය මේ සම්බන්දයෙන් යොමු කල අතර මේ පිලිබද වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියෙමි.

මා දියනියන් තිදෙනෙකුගේ පියෙකි.මා සියලු ආකාරයේ කාන්තා හින්සනයන්ට හැමවිට එරෙහිය.ඒ නිසාම මේ සිද්ධිය දැඩි ලෙස හෙලා දකින අතරම මෙම පුද්ගලයාගේ තරාතිරම නොබලා දඩුවම් දියයුතු බව අවදාරනය කරමි.ඒ වෙනුවෙන් අපේ ආන්ඩුව තුල පෙනී සිටිමි මෙම සිද්දියට ඇතැම් සමාජ මාධ්‍ය මගින් මා සම්භන්ධ බවටත් සිද්දියට අදාල නිලධාරීයා මගේ ගෝලයෙකු බවටත් මතයක් සමාජ ගත කරමින් සිටින බව පෙනේ.

විපක්ෂයට සම්බන්ද පුද්ගලයන් මෙය ප්‍රචාරය කරනු ලබන්නේ මා සහ ආන්ඩුව අපහසුතාවට පත් කිරීම සදහාය .එම චෝදනා මා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමි.මගේ ගමේ මට කිසිදු සම්බන්දයක් නැති කාර්‍යාලය ක ඇති වු සිද්දියකට මා සම්බන්ධ බවට චොදනා කරන්නේ හිතාමතාම මාත් ආන්ඩුවත් අපහසුතාවයට පත් කිරීමට බවද අවධාරණය කරමි.මෙලෙස මඩ ගසන අය සම්බන්ධයෙන් ද පියවර ගන්නා බව අවධාරනය කරමි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝව පහතින්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top