සනීපාරක්ෂක තුවා සඳහා බදු වැඩි කර ඇති බවට පළ වන තොරතුරුවලි කිසිදු සත්‍යතාවයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරයි. අයවැය ඉදිරිපත් කිරීමට පෙර මේ සම්බන්ධව පැවති රේගු ආනයන බද්ද 30%ක් බවත් අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව එම බදු ප්‍රමාණය 15%ක් අඩු කර 15%ක සෙස් බද්දක් එකතු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ද මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඔහු එම සටහන මඟින් සඳහන් කර තිබුණේ, “කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා සඳහා දැරිය හැකි ප්‍රවේශයක් තිබිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. එබැවින් අප දේශීය නිෂ්පාදනය වැඩි කරන තෙක් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩය සඳහා වන සියලුම බදු නිදහස් කළ යුතුය. කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සනාථ කරන පරිදි සනීපාරක්ෂක තුවාවල මිලෙහි වෙනසක් සිදුවී නොමැත.” යනුවෙනි.

සම්බන්ධිත පුවත්
