Advertise with Giraya
NEWS

ඊයේ කොළඹින් ආසාදිතයින් 259ක්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 20,967ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ (24) දිනයේ දී නව ආසාදිතයින් 459 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඉන් 259ක් ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

එමෙන්ම, පොලීසියේ 19 දෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකායේ 17 දෙනෙකු ද ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද, බන්ධනාගාරවලින් ආසාදිතයින් 24 දෙනෙකු ද, වෙනත් ආසාදිතයින් 10 දෙනෙකු ද, විදෙස්ගතව සිට පැමිණි එක් අයෙකු ද ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

මේ අනුව, ඔක්තෝම්බර් 04 වැනි දින සිට බන්ධනාගාරවලින් ආසාදිතයින් 708 දෙනෙකු ද, පොලිසියේ ආසාදිතයින් 825 දෙනෙකු ද, පොලිස් විශේෂ කාර්ය බලකායේ ආසාදිතයින් 225ක් ද වාර්තා වී ඇත.

Giraya News Alerts

ඊයේ (4) දිනයෙ දී ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ සියල්ල පහතින් දැක්වේ.

  • කොළඹ දිස්ත්‍රික්කය – 259
    • කොම්පඤ්ඤ වීදිය – 90
    • කොටහේන/බ්ලුමැන්ඩල් – 44
    • මරදාන – 39
    • ග්‍රෑන්ඩ්පාස් – 26
    • වැල්ලවත්ත – 23
    • දෙමටගොඩ – 21
    • මට්ටක්කුලිය – 06
    • අලුත්කඩේ – 06
    • කොල්ලුපිටිය – 01
    • රත්මලාන – 01
    • මිරිහාන – 01
    • වැල්ලම්පිටිය – 01
  • කළුතර දිස්ත්‍රික්කය – 78
  • ගම්පහ දිස්ත්‍රික්කය – 23
    • බියගම – 11
    • ගනේමුල්ල – 03
    • මල්වතුහිරිපිටිය – 02
    • නිට්ටඹුව – 02
    • ගම්පහ – 01
    • මීගහවත්ත – 01
    • නවගමුව – 01
    • සපුගස්කන්ද – 01
    • යක්කල – 01
  • මහනුවර දිස්ත්‍රික්කය – 16
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 04
  • ගාල්ල දිස්ත්‍රික්කය – 04
  • යාපනය දිස්ත්‍රික්කය – 01
  • මාතර දිස්ත්‍රික්කය – 01
  • රත්නපුර දිස්ත්‍රික්කය – 01
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 01

ඒ අනුව, ඔක්තෝම්බර් 04 වැනි දින සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 7467ක් වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 6065ක් වේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 748 දෙනෙකු වාර්තා වී ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රිය ආසාදිතයින් ගනන 5911ක් වේ. එමෙන්ම, ඊයේ (24) දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් සිව් දෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා. ඒ අනුව, මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් – 19 මරණ ගණන 94ක් දක්වා ඉහළ ගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top