ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (24) පස්වරු 09.45 වන විට 20,967ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (24) දිනයේ දී තවත් ආසාදිතයින් 171 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ් අනුව, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 439 ක් වේ.
එම ආසාදිතයින් අතරින් ආසාදිතයින් 438 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 17,436 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනෙක් ආසාදිතයා කටාර්හි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකි.
එමෙන්ම, අද (24) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 465 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 14,962 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5911 ක් වේ. එමෙන්ම, අද (24) දිනයේ දී තවත් කොරෝනා මරණ 4ක් වාර්තා විය. ඒ අනුව, මෙරට පුද්ගලයින් 94 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් තිබේ.
