සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 04ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 94කි.
91 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී 2020 නොවැම්බර් 22 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ පාචන රෝගී තත්ත්වයන් නිසා ඇති වූ ආසාදන තත්ත්වයෙන් බහු අවයව අක්‍රීය වීමයි.
92 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ දී 2020 නොවැම්බර් 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගයක් කොවිඩ් – 19 ආසාදනය සමඟ උත්සන්න වීමයි.
93 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක කාන්තාවකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාම මූලික රෝහල වෙත මාරු කර එවා ඇත. එම රෝහලේ දී මියගොස් ඇතිතේ 2020 නොවැම්බර් 24 වන දිනදී ය. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ආඝාතය සහ කොවිඩ් – 19 නියුමෝනියාව වේ.
94 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පානදුර මූලික රෝහලේ සිට අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දි 2020 නොවැම්බර් 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ නිධන්ග අක්මා රෝගයක් උත්සන්න වීම හා මොළය ඉදිමීමේ රෝගය වේ.
