Advertise with Giraya
POLITICS

සනීපාරක්ෂක තුවා බද්ද ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගැටෙයි (වීඩියෝ)

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා යෝජිත 15%ක වැට් බද්ද ඉවත් කරන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ඩයනා ගමගේ සහ රෝහිණි කවිරත්න අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රජයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, ඩයනා ගමගේ මන්ත්‍රිවරිය පැවසුවේ මෙරට ජනගහනයෙන් 52%ක් ම කාන්තාවන් බවත් එබැවින් සනීපාරක්ෂක තුවා අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවත් ය.

තවද, මේ පිළිබඳව අදහස් දක්වමින් රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය පැවසුවේ, 1848 දී ටොරින්ටන් ආණ්ඩුකාරවරයා ඇඟ බද්ද, බලු බද්ද අය කළා සේ වත්මන් ආණ්ඩුව විසින් ‘මෙන්සස් බද්දක්’ අය කර ඇති බවයි.

Giraya News Alerts

මෙම අදහස් සඳහා පිළිතුරු දෙමින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය සඳහන් කළේ කාන්තාවන්ටත් පාසල් යන දරුවන්ටත් වඩාත් වැදගත් වන්නේ තමන්ගේ ආරක්ෂාව බවත් වත්මන් ආණ්ඩුව විසින් එය සාර්ථක අන්දමින් සපුරා ඇති බවත් ය.

මන්ත්‍රීවරියන් පළ කළ අදහස් දැක්වෙන වීඩියෝව පහතින්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top