කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් සමඟ අකුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරි වසම් දෙක සඳහා අද (24) සිට සංචරණ සීමා පනවා තිබෙනවා.
අද සවස 6.30 සිට මෙම හුදකලා කිරීම් ක්‍රියාත්මක වන බවයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් මේ වන විට කොරෝානා ආසාදිතයින් 39 දෙනෙකු හමු වී තිබෙනවා.
