බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇප මත මුදා හැර තිබෙනවා.
2005 වසරේදී මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් සමග බන්ධනාගාර ගතකර සිටි තවත් සිව්දෙනෙකුට ද ඇප හිමිවී තිබේ.
අද (24) දිනයේදී සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි මඩකළපුව මහාධිකරණ විනිසුරු ඩි. සුසෙයි දාසන් විසින් නියෝග කරනු ලැබුවා.
