Advertise with Giraya
Giraya NewsGiraya News
ENTERTAINMENT

‘ප්‍රවීණ නළු විල්සන් කරු අත්අඩංගුවට ගත්තේ මුව ආවරණයක් පැළඳ නොසිටීම නිසා නෙවෙයි’ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ප්‍රවීණ සටන් නළු විල්සන් නළු විල්සන් කරු අත්අඩංගුව ගත්තේ පොලිස් නිලධාරියෙකුට පහර දීම නිසා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

රංගන ශිල්පී විල්සන් කරු මුව ආවරණයක් පැළැඳ නොසිටීම පිළිබඳව පොලිස් නිලධාරියෙකු විසින් ඔහුගෙන් විමසා ඇති අතර එම අවස්ථාවේ දී විල්සන් කරු විසින් පොලිස් නිලධාරියාගේ කම්මුලට පහරක් එල්ල කර ඇත. එම සිදුවීම පිළිබඳව එම ස්ථානයේ සිටි පිරිසගේ සාක්ෂිවලින් ද තහවුරු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුව, ඔහු නිරෝධායන නීති උල්ලංඝනය කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී, රුපියල් 5000ක පුද්ගලික ඇපයක් මත ඔහුව මුදා හැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය නඩුව එළඹෙන පෙරවාරි 16 වැනිදා යළි කැඳවීමට නියම කර තිබෙනවා.

Giraya News Alerts

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ, දෙරණ මාධ්‍ය ජාලයේ වැඩසටහනකට එක් වෙමින් ය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top