බස්නාහිර පලාතට පිටතින් වාර්තා වන ආසාදිතයින්ගෙන් බහුතරයක් ද බස්නාහිර පලාතේ වාර්තා වූ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. එම අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ, සංචරණ සීමා ඉවත් කළ ද ජනතාව හැකිතාක් සංචරණ කටයුතු අවම කළ යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, වෛද්‍ය සුදත් සමරවීර, ‘බස්නාහිර පලාතෙන් පිටතදී හමුවන බොහෝ රෝගීන්ගේ ප්රභවය බස්නාහිර පලාත. බස්නාහිර පලාතේ යම්කිසි සම්බන්ධයක් ඇතුව තමයි. අපි දන්නවා පෑලියගොඩින් තමයි මේ පොකුර විහිදෙන්නේ. අලුතින් හම්බෙන අයත් එතනින්ම තමයි හම්බවෙන්නේ. එහෙම නැතුව එම පලාත්වල රෝගය පැතිරීම නිසා හමුවන රෝගීන් විශාල වශයෙන් අපිට හමුවන්නේ නැහැ.
ඒ තත්ත්වය තුළ දී පැහැදිලි වන්නේ අපි නිසි පරිදි ක්ෂණික ක්‍රියා මාර්ග අරගෙන නිසි විදියට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට අනුව මේ කටයුතු වලට මැදිහත් උනොත් අපිට පුළුවන් වෙනවා මේ රෝගය පාලනය කරන්න. එතනදී, ජනතාවගේ පැත්තෙන් ලබා දිය යුතු දායකත්වය ඉතාමත් වැදගත්. ඒ නිසා තමයි අපි සංචරණය සීමා කරන ලෙස ඉල්ලා සිටින්නේ. යම්කිසි ප්‍රදේශයක සංචරණ සීමා ඉවත් කරනු ලැබුවහොත් ඒ ඉවත් කරනු ලැබුවේ ඒ ප්‍රදේශවල සියයට සියයක්ම රෝගීන් නැතැයි කියලා තහවුරු කරලා එහෙම නැත්නම් ඒක පිළිබඳව ‘Clean certificate’ එකක් තියෙන හින්දා නෙවෙයි’
