Advertise with Giraya
NEWS

වැලිකඩින් මහර බන්ධනාගාරයට මාරු කළ රැඳවියන් නිසා මහර බන්ධනාගාරයත් කොවිඩ් අවදානමක

වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටි පිරිස් මහර බන්ධනාගාරයට රැගෙන යාම හේතුවෙන් මේ වන විට මහර බන්ධනාගාරයේ ද කොවිඩ් අවදානම් තත්ත්වයක් මතුව තිබෙන බව වාර්තා වේ.

බන්ධනාගාර කොවිඞ් පොකුර වාර්තා වීමත් සමග වැලිකඩ බන්ධනාගාර රෝහල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමේ අරමුණින් වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටි පිරිස මහර බන්ධනාගාරයට මාරු කර යැවුණා. එලෙස වැලිකඩ සිට මහර බන්ධනාගාර රෝහලට මාරු කළ රැඳවියන් සංඛ්‍යාව 112 ක් වන අතර ඔවුන් වාට්ටු 02 ක රඳවා සිටියි.

කෙසේවෙතත්, මහර බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ මෙලෙස රැඳවියන් රැගෙනවිත් ඇත්තේ කිසිඳු පෙර සැලසුමකින් තොරව කඩිමුඩියේ බවයි. එමෙන්ම ඔවුන්ට පීසීආර් පරීක්ෂණයක් හෝ සිදුකර නොමැති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

Giraya News Alerts

පසුව කරන ලද පීසීආර් පරීක්ෂණවලදී එලෙස රැගෙන ආ රැඳවියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඊයේ (23) දිනයේ බන්ධනාගාර කොවිඞ් පොකුරේ පළමු මරණය ලෙස වාර්තා වූ පුද්ගලයා ද වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට මහර බන්ධනාගාරයට රැගෙන ගිය අයෙක් බව වාර්තා වේ. පසුව ඔහුට පැවැති පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට මාරු කිරීමෙන් අනතුරුව මරණයට පත් වී ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top