රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරීන්ගේ නාමලේඛනය අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය හිමිව තිබීම හේතුවෙන් පත්වීම් අහිමිව අභියාචනා ඉදිරිපත් කළ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය මෙලෙස ප්‍රකාශයට පත් කළ බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව සභාපති අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස් වූ අවස්ථාවේ දී ද අදාළ පත්වීම් හිමිවන නාම ලේඛනය අන්තර්ජාලයට නිකුත් කරන බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කර කළා.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකින්ම අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරීන් 3902 කු සඳහා පත්වීම් ලබාදී තිබෙනවා. අභියාචනා ඉදිරිපත් කළ වැඩිම පත්වීම් ප්‍රමාණයක් වූ පත්විම් 481ක් ගම්පහ දිස්ත්‍රික්කයට ලැබී ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරීන් 440 දෙනෙකුටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ 367 ක්, කලුතර දිස්ත්‍රික්කයේ 307 දෙනෙකුට, කෑගල්ල දිස්ත්‍රික්කයේ 241 කට, රත්නපුර 222 කුට සහ මාතර 212 දෙනෙකුට රැකියා හිමිව තිබෙනවා. හම්බන්තොටින් අභියාචනා කළ 126 දෙනෙකුත් රැකියා ලාභීන් ලෙස තෝරාගෙන ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වන සියලු විමසීම් adcs.rec.pubad@gmail.com යන විද්‍යුත් තැපෑල වෙත ජීටී රී කන්සිඩරේෂන්ස් ඔෆ් ඇපීල් 2020 යනුවෙන් සටහන් කර යොමුකරන ලෙස රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.
