Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 90ක් දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 03ක් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 90කි.

88 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු අයි.ඩී.එච් රෝහලේ දී 2020 නොවැම්බර් 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසය නිසා ඇති වූ උග්‍ර ආසාදන තත්ත්වයකි.

89 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. එම රෝහලේ දී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2020 නොවැම්බර් 23 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය නිසා ඇති වූ ලේ විෂ වීමකි.

Giraya News Alerts

90 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවකි. හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර 2020 නොවැම්බර් 23 වන දින මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයාබාධ තත්ත්වය හා කොවිඩ් ආසාදනයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top