ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (23) පස්වරු 10.00 වන විට 20,508ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (23) දිනයේ දී තවත් ආසාදිතයින් 131 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ් අනුව, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 337 ක් වේ.
එම ආසාදිතයින් අතරින් ආසාදිතයින් 335 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 16,978 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනෙක් ආසාදිතයින්ගෙන් එක අයෙක් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙක් වේ. අනෙක් ආසාදිතයා තුර්කි ගුවන් කාර්ය මණ්ඩලයේ අයෙකි.
එමෙන්ම, අද (23) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 428 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 14,497 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5921ක් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට ජීවිතක්ෂයට පත් ආසාදිතයින් වූ ගණන 90කි.
