එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්රී ධූරය රනිල් වික්රමසිංහට භාර ගැනීමට ලිඛිතව ඉදිරිපත් කරන ලද ඉල්ලීම ඔහු විසින් ප්රතික්ෂේප කර තිබෙනවා. ඒ, අද (23) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී ය.
එම සාකච්ඡාවේ දී ජාතික ලැයිස්තු මන්ත්රී ධූරයට රනිල් වික්රමසිංහ යෝජනා වි ඇති අතර එහිදී රනිල් වික්රමසිංහ අදාළ යෝජනාව ප්රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ ඒ සඳහා තරුණ මන්ත්රීවරයෙකු පත් කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවයි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් අකිල විරාජ් කාරියවසම් ඉල්ලා අස් වී ඇති බව ඔහු විසින් තහවුරු කර තිබෙනවා.
සම්බන්ධිත පුවත්
