බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 24 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. මේ වන විට එය ත්‍රිකුණාමලය වෙරළට කි.මී 425 දුරින් මුහුදේ ස්ථානගතව පවතී.
එය හෙට (24) දිනයේ දී දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබේ.
දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙයි.
උතුරු, නැගෙනහිර සහ උතරුමැද පළාත්වල ජීවත්වන ජනාතවට මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
