වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි 82 හැවිරිදි වියේ පසු වූ රැඳවියෙකු රාගම රෝහලේ දී මියගොස් ඇති අතර පසුව දේහය සම්බන්ධයෙන් සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයක දි ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
2006 වසරේදී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරු වූ මෙම රැඳවියා පිළිකා රෝගයකින් පෙළී ඇති අතර එම රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. ඉකුත් දා බන්ධානාගර රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් එහි සිටි රැඳවියන් 112 දෙනෙකු මහර බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇත. එහිදී ඒ අතර සිටි රැඳවියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත.
කෙසේ වෙතත්, මෙලෙස මිය ගිය රැඳවියාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඔහුව රාගම ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර එහිදී මිය ගොස් තිබෙනවා. මෙය බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකුගේ සිදු වූ පළමු මරණයයි.
