එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නියෝජිතයින් විසින් රනිල් වික්රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධූරයට පත් කිරීම ලිඛිතව ඉල්ලීමක් සිදු කර තිබෙනවා. ඔවුන් අද (23) සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ එය භාරදුන් බවයි අර්ජුන රණතුංග පැවසුවේ.
එමෙන්ම, ලෝකයම මුහුණදී සිටින වසංගත තත්ත්වයත් සමග ජීවත් වන මොහොතක රටේ ආර්ථිකය ගොඩ ගැනීමට හොඳම මොළකරු රනිල් වික්රමසිංහ බවද ඔහු සඳහන් කළා. ඒ අනුව, මේ මොහොතේ පක්ෂයට වඩා දැක්මක් සහිත පුද්ගලයෙකු පාර්ලිමේන්තුවේ සිටීම වැදගත් බැවින් සියලු දෙනා එක්ව ඔහුගෙන් ලිඛිතව මෙම ඉල්ලීම සිදු කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
කෙසේ වෙතත් තමා ඇතුළු සාමාජිකයින් කළ ඉල්ලීමට පක්ෂ නායකවරයාගේ එතරම් කැමැත්තක් නොදැක්වූ බව ද ඔහු සඳහන් කළා. ලබන සතිය වන විට තමා ඇතුළු කණ්ඩායමේ ඉල්ලීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලැබෙනු ඇති බව ද ඔහු ප්රකාශ කළා.
