Advertise with Giraya
NEWS

වායු රයිෆලයකින් සිසුවාට වෙඩි තැබූ වෛද්‍යවරයා අත්අඩංගුවට

ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කොට තිබෙන බව වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (22) දිනයේ දී එම සිසුවා පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව අසල වත්තකට යාම නිසා එය නැවත ලබා ගැනීමට යාමේදී මෙම සිදුවීමට මුහුණපා ඇති බවයි. තුවාල ලැබූ පාසැල් සිසුවා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස පාසැල් සිසුවාට වෙඩි තබා ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු වන අතර ඔහුව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර වෛද්‍යවරයා අද (23) දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top