අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු රෝහලේ වහලෙන් පැන යාමට උත්සාහ දැරීමේ දි ආරක්ෂක අංශයේ භාරයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
මෙලෙස පැන යාමට උත්සාහ දරා ඇති පුද්ගලයා 22 හැවිරිදි වියේ පසුවන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ. ඔහු ඊයේ (22) දිනයේ දී රෝහලේ වහලයෙන් පැන යාමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ දී ආරක්ෂක අංශ භාරයට පත් වී ඇත. ඔහුව මේ වන විට ආරක්ෂක ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරිමට කටයුතු කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ පිළිබඳව වැඩිදුර අදහස් පළ කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, “ඊයේ දිනයේ දී IDH රෝහලේ වහලෙන් 22 හැවිරිදි පුද්ගලයෙක් පැන යාමට උත්සහ කිරීමේ දී එම රෝහලේ ආරක්ෂක අංශ විසින් සවස 6.30ට පමණ ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා. මොහු කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් බවට වාර්තා වෙන්නේ. එමෙන්ම දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොවිඩ් ආසාදිත වීම නිසා මොහු IDH රෝහල වෙත එවා තිබෙනවා ප්‍රතිකාර සඳහා. එසේ ප්‍රතිකාර සඳහා පැමිණ ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අවස්ථාවේ දී පළා යෑමට උත්සහ කර තිබෙන්නේ. කෙසේ වෙතත් ආරක්ෂ අංශ ඔහුව ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා. මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා….” යැයි පැවසුවා.
මේ අතර, ගත වූ කාලය තුළ දී රාගම රෝහලෙන් එක් අයෙක් ද, සාලාව රෝහලෙන් එක් අයෙක්ද, මීට දින කිහිපයකට පෙර අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ගනු ලැබූ කාන්තාවක් තම දරුවාද සමඟින් රෝහල්වලින් පැන ගොස් තිබුණි.
මෙම සිද්ධීන් සැලකිල්ලට ගනිමින් ඉදිරියේදි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂිත ක්‍රම උපායන් යටතේ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. එබැවින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් විසින් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා ඉල්ලීමක් සිදු කළා.
