Advertise with Giraya
NEWS

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (22) පස්වරු 10.15 වන විට 20,171ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (22) දිනයේ දී තවත් ආසාදිතයින් 216 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ් අනුව, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 400 ක් වේ.

එම ආසාදිතයින් 400 දෙනා අතරින් 391 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 16,643 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වු අනෙක් ආසාදිතයින්ගෙන් සිව් දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද, තිදෙනෙකු කටාර් සිට ද, එක් අයෙක් චීනයේ සිට ද,අනෙක් පුද්ගලයා රුසියාවේ සිට ද මෙරටට පැමිණි පුද්ගලයින් වේ.

එමෙන්ම, අද (22) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 479 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 14,069 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

Giraya News Alerts

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6015ක් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට ජීවිතක්ෂයට පත් ආසාදිතයින් වූ ගණන 87කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top