Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 87 දක්වා ඉහළට

පහත විස්තර දැක්වෙන පරිදි කොවිඩ් – 1 ආසාදිත රෝගීන්ගේ මරණ 4ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කරන ලද අතර ඒ අනුව ශ්‍රී ලංකවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 87කි.

84 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. මරණය සිදු වී ඇති දිනය වනුයේ 2020 නොවැම්බර් 21 වේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව තත්ත්වයයි.

85 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළ 12 ප්‍රදේශයේ පදිජචි 53 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් ඇත. මරණය සිදු වී ඇත්තේ 2020 නොවැම්බර් 20 දිනය. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත පෙනහලු රෝගයක් කොවිඩ් 19 ආසාදනය සමඟ උත්සන්න වීමයි.

Giraya News Alerts

86 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණය සිදු වී ඇත්තේ 2020 නොවැම්බර් 21 වන දිනදී ය. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 වෛරසය ආසාදනය සමඟ ඇති වූ නියුමෝනියාවයි.

87 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර එවා ඇත. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2020 නොවැම්බර් 22 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමඟ උත්සන්න වූ නියුමෝනියා තත්ත්වයයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top