Advertise with Giraya
NEWS

ඊයේ දිනයේ දී වාර්තා වූ කොවිඩ් මරණ එකම දිනක දී සිදු වු මරණ නෙවෙයි – යුද හමුදාපති

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් 9 දෙනෙකුගේ මරණ ඊයේ (21) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා. එයින් 5 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සිව් දෙනෙකු කාන්තාවන් වේ. එම මිය ගිය පුද්ගලයින්ගෙන් තිදෙනෙකු නිවසේ දී මියගොස් ඇති අතර සිව් දෙනෙකු ජාතික රෝහලේ දී මිය ගොස් ඇත. තවත් එක් අයෙක් හෝමාගම රෝහලේ දි ද , අනෙක් ආසාදිතයා අයි.ඩී.එච්. රෝහලේදී ද ප්‍රතිකාර ගනිමින් සිටිය දී ජිවිතක්ෂයට පත් වී ඇත.

කෙසේ වෙතත්, මෙම මරණ එකම දිනයකදී වාර්තා වූ ඒවා නොවන බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. ඔහු පවසන්නේ, එම මරණ අතරින් 4ක් ඊයේ (21) දිනයේ දී වාර්තා වූ බවයි. අනෙක් පුද්ගලයින් පස් දෙනාගේ මරණ මීට පෙර දින දෙකක දී වාර්තා වූ ඒවා බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

එම මරණයන්ට අදාළ මරණ පරීක්ෂණ වාර්තා ලැබුණ පසුව එකවර ඊයේ (21) දිනයේ දි කොවිඩ් – 19 මරණ 9ක් ලෙස වාර්තා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. යුදහමුදාපතිවරයා මේ බව සඳහන් කළේ, රූපවාහනී වැඩසටහනකට එක් වෙමින් ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top