Advertise with Giraya
NEWS

හුදකලා ප්‍රදේශ නම් කිරීම සහ ඉවත් කිරීම පිළිබඳ නවතම නිවේදනය

පහත දැක්වෙන දිස්ත්‍රික්කයන්හි දක්වා ඇති පොලිස් වසම් හුදකලා කිරීම හෙට (23) උදෑසන 5.00 සිට ඉවත් කරනු ලබන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දේ.

  1. කොළඹ දිස්ත්‍රික්කය
    • බොරැල්ල
    • වැල්ලම්පිටිය
    • කොළඹ කොටුව
    • කොම්පඤ්ඤවීදිය

එසේ වුවද බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමේ සහ කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම නැවත දැනුම්දෙන තුරු හුදකලා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ ඉහත පොලිස් වසම් හැර මේ වන විට හුදකලා කර ඇති පහත දැක්වෙන පොලිස් වසම් 13 තවදුරටත් හුදකලා තත්ත්වයේ ම පවතී.

Giraya News Alerts
  • මට්ටක්කුලිය
  • මෝදර
  • බ්ලූමැන්ඩල්
  • කොටහේන
  • ග්‍රෑන්ඩ්පාස්
  • වෙරළබඩ
  • ආදුරුප්පු වීදිය
  • මාළිගාවත්ත
  • දෙමටගොඩ
  • කෙසෙල්වත්ත
  • මරදාන
  • පිටකොටුව
  • වේල්ලවීදිය

2. ගම්පහ දිස්ත්‍රික්කය

  • ජා – ඇල
  • කඩවත

යන පොලිස් වසම් පමණක් හෙට උදේ 5.00ට හුදකලා කිරිම ඉවත් කරනු ලබන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පහත සඳහන් පොලිස් වසම් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතී.

  • මීගමුව
  • රාගම
  • වත්තල
  • පෑලියගොඩ
  • කැළණිය

3. කළුතර දිස්ත්‍රික්කය

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ පහත දැක්වෙන ග්‍රාම නිලධාරි වසම් මේ මොහොතේ සිට හුදකලා කරනු ලැබේ.

  • බෝගහවත්ත ග්‍රාම නිලධාරී වසම
  • බමුණුමුල්ල (මුස්ලිම්) ග්‍රාම නිලධාරී වසම
  • කිරිමන්තුඩාව ග්‍රාම නිලධාරී වසම
  • කෝරාවල ග්‍රාම නිලධාරී වසම
  • අටලුගම බටහිර ග්‍රාම නිලධාරී වසම
  • බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසම
  • ගලගහමණ්ඩිය ග්‍රාම නිලධාරී වසම
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top