ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ අද (21) දිනයේ දී කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ තවත් පුද්ගලයින් 9 දෙනෙකුගේ මරණ වාර්තා වීමෙන්ය. එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වේ.
75 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමඟ ඇති වූ නියුමෝනියා තත්ත්වය සහ ආසාදන කම්පනය වේ.
76 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගි තත්ත්වය සමඟ කොවිඩ් – 19 ආසාදනය වීමයි.
77 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේදි මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.
78 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 48ක් වයසැති කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.
79 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 72ක් වයසැති පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොවිඩ් 19 ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධයකි.
80 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 සමඟ ඇති වූ හෘදයාබාධයකි.
81 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියාව සමඟ බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනය වේ.
82 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 75ක කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර එවා ඇත. එම රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නෙ කොවිඩ් 19 ආසාදනය සමඟ උග්‍ර නියුමෝනියාව වේ.
83 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, 76 හැවිරිදි කාන්තාවකි. කොළඹ පෞද්ගලික රෝහලක සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර එවා ඇත. එම රෝහලේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 නියුමෝනියාව සහ ලේ විෂ වීම වේ.
