ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (21) පස්වරු 10.45 වන විට 19,771ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (21) දිනයේ දී තවත් ආසාදිතයින් 230 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ් අනුව, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 487 ක් වේ.
එම ආසාදිතයින් 487 දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 16,252 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, අද (21) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 319 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 13,590 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 6107ක් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට ජීවිතක්ෂයට පත් ආසාදිතයින් වූ ගණන 74කි
