2021 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් සම්මත විය. එහිදී පක්ෂව ඡන්ද 151ක් ද විපක්ෂව ඡන්ද විපක්ෂව ඡන්ද 52ක් හිමි විය.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 17 වන දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය 18 වන දින සිට ආරම්භ කෙරුණි.
අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
