Advertise with Giraya
NEWS

දිවයින පුරා තවත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක්

දිවයින පුරා තවත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ, ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,

Giraya News Alerts

“එක් සේවකයෙක් හෝ කිහිපදෙනෙක් මුලින්ම ආසාදිත වීමෙන් පස්සේ, ඒ ආයතනය තුළ ඉන්න කාර්ය මණ්ඩලයට විශාල වශයෙන් පැතිරීම දකින්න පුළුවන්. මේ මොහොත වන විට අපි අත්දකිනවා තවත් ස්ථාන කිහිපයක මේ වගේ පොකුරු වශයෙන් නිර්මාණය වීම. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා පොලීසිය තුළ, ඒ වගේ බන්ධනාගාර තුළ, නාවික හමුදාව ස්ථාන තුළ දී. මෙය බලාපොරොත්තු විය හැකි දෙයක්. යම් අවස්ථාවක එවැනි ආයතනයක් තුළ එක් රෝගියෙක්ට ආසාදනය වීම තුළින් එය තවත් අයට පැතිරීමේ හැකියාව තියෙනවා. එවැනි අවස්ථාවක නිරෝධායනය කරන්න විශාල පිරිසක් ඉන්නවා. මේ නිසා තමන්ගේ ආයතනය තුළ පොකුරක් නිර්මාණය වීම වළක්වා ගැනීම සඳහා ආයතන ප්‍රධානීන්ට, කාර්ය මණ්ඩලයට හා ආයතනයට පැමිණෙන අයට විශාල වගකීමක් තියෙනවා.”

මේ අතර, ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 11,398 ක් සිදුකර ඇති අතර, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, දිවයින පුරා රසායනාගාර 25 ක මේ වන විට පීසීආර් පරීක්ෂණ සිදුකෙරෙන බවය.

“පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා අපේ රට තුළ රසායනාගාර 25ක් ස්ථාපිත වෙලා තියෙනවා. මෙයින් 14ක් රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතනවල තියෙන රසායනාගාර. ඒ වගේම තවත් රසායනාගාර දෙකක් කොතලාවල ආරක්ෂක පීඨයේ හා කොතලාවල යුද හමුදා රෝහලෙත් පිහිටා තිබෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල 4ක පීසීආර් පරීක්ෂණ සඳහා පහසුකම් තියෙනවා. ඒ අනුව රජයේ යටතේ ඇති ආයතන 20ක පීසීආර් පරීක්ෂණ සිදුවෙන අතර පෞද්ගලික ආයතන 5ක මේ වන විට පීසීආර් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා.”

-Ada derana-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top