මහ බැංකුවේ සේවකයෙකුටට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මහ බැංකුවේ ආපනශාලාවේ සේවය කරන අයෙකුට මෙලෙස කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි ඇත බවයි මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග වාර්තා කළේ.
එම හේතුවෙන්, මහ බැංකුවේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු එහි සේවය කරන නිලධාරීන් පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ද වාර්තා වේ. ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණයන් ද සිදු කර ඇති අතර ඔවුන් ආසාදිතයින් නොවන බව ද තහවුරු වී තිබෙනවා.
