Advertise with Giraya
Giraya NewsGiraya News
FEATURES

කොවිඩ් – 19 සඳහා එන්නතක් සොයන ඔක්ස්ෆර්ඩ් කණ්ඩායමේ සිටින ලාංකීය මහාචාර්යවරිය

ලොවපුරා සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශකවරියක් ලෙස ශ්‍රී ලංකාවේ උපන් මහාචාර්යවරියක් වන මහේෂි එන්. රාමසාමි ඇතුලත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති ඇය එක්සත් රාජධානියේ වෛද්‍ය අධ්‍යාපනය හදාරා ඇති අතර, කොවිඩ් -19 වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණයේ ප්‍රධාන පුරෝගාමියෙක් ලෙස ලෝප්‍රකට වී තිබෙනවා.

එම එන්නත සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ සායනික කටයුතු සම්බන්ධයෙන් වෛද්‍ය සඟරාවක් වන ” The Lancet” හි පළකර තිබු වාර්තාවේ ඉහළින්ම සටහන්ව ඇත්තේ මහාචාර්ය මහේෂි රාමසාමි ගේ නමයි.

Giraya News Alerts

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ, ක්‍රයිස්ට් විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති ඇය බෝවන රෝග සහ සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් වෛද්‍ය ආයතනවලින් උපාධි ලබාගෙන ඇත.

ඇය දැනට විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනු ලබන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ NHS පදනම් භාරයේ සේවය කරයි. ඒ අනුව ඇය මේගන් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන කථිකාචාර්යවරිය ලෙස ද සේවය කරයි.

ඇය ඔක්ස්ෆර්ඩ් එන්නත සමූහයේ ප්‍රධාන විමර්ශකවරියක් වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සම්මානලාභී ජේෂ්ඨ සායනික කථිකාචාර්යවරියක් ද වනවා.

මහාචාර්ය මහේෂි එන්. රාමසාමි ගේ දෙමව්පියන්ද කීර්තිමත් විද්‍යාඥයින් වනවා. ඇගේ මව මහාචාර්ය සමරනායක රාමසාමි ය. කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් සත්ව විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත් අතර පසුව පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් මත කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට තේරී පත්විය. පසුව බ්‍රිතාන්‍යයේ දී කේම්බ්‍රිජ් සරසවියෙන් ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්විමට ඇය සමත්විය. වෛද්‍ය මහේෂි එන්. රාමසාමි ගේ පියා වන්නේ විද්‍යාඥයෙකු වන රංජන් රාමසාමිය.

තිදරු මවක් වන මහේෂි රාමසාමි ඔක්ස්ෆර්ඩ් කොවිඩ් -19 එන්නත පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමකට පාත්‍රවී සිටීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සියලු දෙනාට ඉමහත් ආඩම්බරයකට කරුණක් වනවා නොඅනුමානයි.

-නෙත් නිවුස්-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top