අද (20) දින කොවිඩ් 19 ආසාදිත එක් රෝගියෙකුගේ මරණයක් සිදු වී ඇති බව මිට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ අතර ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මුළු මරණ සංඛ්‍යාව 74කි.
මියගිය පුද්ගලයා කොළඹ 02 පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමඟ උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයකි.
