Advertise with Giraya
NEWS

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,000 ඉක්මවයි

Updated at 10.42 PM

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (20) පස්වරු 10.30 වන විට 19,280ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (20) දිනයේ දී තවත් ආසාදිතයින් 215 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ් අනුව, දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 435 ක් වේ.

එම ආසාදිතයින් 435 දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 15,765 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Giraya News Alerts

එමෙන්ම, අද (20) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 368 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 13,271 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5936ක් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට ජීවිතක්ෂයට පත් ආසාදිතයින් වූ ගණන 73කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top