Advertise with Giraya
NEWS

කෝටි 100කට අධික වටිනා කුඩු තොගයක් සමඟ තිදෙනෙක් පොලිස් දැලේ

වැලිගම, මෝදර ප්‍රදේශයේදී අද (20) පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශය මගින් රුපියල් කෝටි සියයකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

කොළඹ කොටිකාවත්ත ප්‍රදේශයේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්කුඩු තොගයක් මිලදී ගැනීම සඳහා වැලිගම, මෝදර ප්‍රදේශයට පුද්ගලයෙක් පැමිණ සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් එම ස්ථානය වටලා සිදුකළ පරික්ෂාවේදී මෝටර් රථය තුළ තිබී මත් කුඩු කිලෝ 25 ක් සොයාගැනීමට හැකි වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශ කරයි.

පසුව එහි රැදී සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඒ ආසන්නයේ ඉඩමක සඟවා තිබූ තවත් මත්කුඩු කිලෝ 75 සොයා ගැනීමට හැකි වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු වැලිගම පදිංචිකරුවන් බවත් අනෙක් සැකකරු කොළඹ, වැල්ලම්පිටිය කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top